අපේ ජනශ්‍රැතිය...👇👇👇
ලෝකයේ එක් එක් රටවල සිය සංස්කෘතිය අනුව සංස්කෘතියෙන් උරුම වූ උරුමයන්
පවතින අතර ඒවා ස්පර්ශනීය සංස්කෘතික උරුමයන් සහ අස්පර්ශනීය සංස්කෘතික උරුමයන්
වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය.
ස්පර්ශනීය සංස්කෘතික උරුමයන් යටතට ගැනෙනුයේ ස්පර්ශ කළ හැකි සම්පත් ය. එනම්
ගොඩනැගිලි , ආහාර, ඇඳුම් පැළඳුම්, ප්‍රතිමා ආදිය ස්පර්ශ කළ හැකි
ස්පර්ශනීයා සංස්කෘතික උරුමයන් යටතට ගැනේ.
අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් යනු ස්පර්ශ කළ නොහැකි සිරිත් විරිත් , අප රටෙහි නම් ආගන්තුක සත්කාරය, ඇදහිලි, විශ්වාස ආදිය වන අතර ජනශ්‍රැතිය ද
ඇතුලත් වන්නේ මෙම අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් යටතටය.
ජනශ්‍රැතිය යනු 👉 " ප්‍රාථමික හෝ සංකීර්ණ බවට පත් නූතන හෝ ජන
සමූහයක් අතර කාලයක් තිස්සේ මුඛ පරම්පරාගත සම්ප්‍රදායෙන් ව්‍යාප්ත වූ කිසියම් රටක
ඥාණ සම්භාරය ලෙසට පෙන්වා දිය හැකිය. "
සමහරවිට ජනශ්‍රැතිය අකුරු ලිවීමට හෝ කියවීමට නොදත් ප්‍රාථමික සමූහ
අතර පවතින දෙයක් බවට සාමාන්‍යයෙන් පොදුවේ
බොහෝ දෙනෙක් පිළිගන්නා කරුණක් වූවද සැබවින්ම එය නිවැරදි මතයක් නොවේ. ජනශ්‍රැතිය
පිළිබඳව විමර්ශකයින් දක්වන වර්තමාන අදහස්වලට අනුව පංති කාමරයක ශිෂ්‍ය පිරිසක් අතර, පාරෙහි වැඩකරන කම්කරු පිරිසක් අතර, ගුරු මණ්ඩලීය කාමරයක ගුරු මණ්ඩලයක් අතර, කාර්යාලයෙහි වැඩකරන ලිපිකරුවන් පිරිසක්
අතර ආදී නොයෙකුත් සමාජ කණ්ඩායම්වල ඇතිවිය හැකිය.
ලෝක ප්‍රකට විද්වතෙකු වන ලෙවී බ්‍රැල් පෙන්වාදෙන ආකාරයට ජනශ්‍රැතිය
යනු මිනිසාගේ චින්තනයේ නියෝජනයකි. එනම් මිනිසා සමූහයක් ලෙසට සිතන, හැඟෙන දේ ජනශ්‍රැතියෙන් නියෝජනය වන
බවය. ඇමෙරිකානු ජාතික ප්‍රැන්සිස් කුමේරි පෙන්වාදෙන ආකාරයට ජනශ්‍රැතිය මුළින්ම
බිහි වන්නේ සාමූහික උපතකිනි. එනම් ඇය පෙන්වාදෙන ආකාරයට ජනශ්‍රැතියක් නිර්මාණය
වන්නේ සමූහයා විසින් පිළිගත් අවස්ථාවන් වලදීය. වර්ෂ 1846 දී The Athenaeum නම් ග්‍රන්ථයේදී විලියම් තෝමස්
පෙන්වාදෙන ආකාරයට ජනශ්‍රැතිය ලෙසට හඳුන්වන්නේ සමාජයේ සාමාජිකයන් ලෙසට මිනිසා
විසින් ඇතිකර ගන්නා ලද දැනුම, විශ්වාස, කලා ශිල්ප චාරිත්‍ර සහ වෙනත් කුසලතා ඇතුළත් වූ
සංකීර්ණ ඒකකයක් බවය. ජනශ්‍රැතිය යන වචනය ප්‍රථම වරට Folklore ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වා දෙන
ලද්දේ ද විලියම් තෝමස් විසිනි.
මිනිසා තම මානසික සහ කායික සුවය පතා යම් යම් ජනශ්‍රැති උපයෝගී කරගෙන
තිබීම අපට දැකගත හැකි අතර එහිදී ජන කතා සහ ජන කවි විනෝදාස්වාදය සඳහා නිර්මාණය
කිරීම සිදුකරන ලදී. ජනශ්‍රැතිය නිර්මාණය වන්නේ මෙවැනි විනෝදජනක පරමාර්ථයකට වඩා
තමන්ගේ අත්දැකීම්වලින් ලබාගත් දැනුම සම්ප්‍රේෂණය කිරීම සඳහා ය. ජනශ්‍රැතියේ දක්නට
ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් ලෙසට ප්‍රධාන ජනශ්‍රැතිය වෙනස් නොවී ප්‍රධාන නොවන ජනශ්‍රැතික
අංග වෙනස්වීම පෙන්වාදිය හැකිය. එම ප්‍රධාන නොවන ජනශ්‍රැතික අංග ප්‍රදේශයෙන් ප්‍රදේශයට
ව්‍යාප්ත වන විට එම ප්‍රදේශයේ භූගෝලීය, සමාජීය, දේශපාලනික, සංස්කෘතික හෝ ආර්ථික සාධක අනුව
වෙන්ස්වීම්වලට ලක්වීම දැකගත හැකිය.
ජනශ්‍රැතිය ක්‍රම ක්‍රමයෙන් විකාශනය වීමත් සමග ගොඩනැගුණු තවත් එක්
සංස්කෘතික අංගයක් ලෙසට ජන ආගම පෙන්වාදිය හැකි අතර ශ්‍රී ලංකාවේ ජන ආගම යනු බුදු
දහම හා සම්බන්ධ විශ්වාස සහ ඇදහිලි මෙන්ම දේව විශ්වාසයන්ගේ සම්මිශ්‍රණයක් ලෙසට සරලව
පෙන්වා දිය හැකිය. නිදසුන් ලෙස පෙරහැර, බෝධි පූජා වැනි දෑ මෙන්ම කතරගම, විෂ්ණු, පත්තිනි ආදී දේව සංකල්පයන් ගොඩ නැගීම ද
පෙන්වා දිය හැකිය. ශ්‍රී ලංකාවේ ජන ආගම සකස්වීම පිළිබඳව පෙන්වාදීමේදී බුදු දහම ශ්‍රී
ලංකාවට ගෙන ආ පසු ලංකාවේ තිබූ ඇදහිලි සහ විශ්වාස ආදියත් ඉන්දියාවෙන් ලැබුණු
විශ්වාස සහ පූජාවිධි ආදියත් එකතු වීමෙන් ගොඩනැගුණු ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙස
හැඳින්විය හැකිය. විෂ්ණු සමන් ආදී දෙවිවරුන් ඉහළ මට්ටමකින් ද, ඊට පහළින් බණ්ඩාර ආදී ප්‍රාදේශීය
දෙවිවරුන් ද , ඊටත් පහළින් යක්ෂ භූතාදී දෙවිවරුන් ද
ඇතුළත්කොට ජන ආගමේ දේව ඝණ සැලැස්මක් නිර්මාණය වී ඇත.
ජන ආගමේ එන ඊෂ්වර කාලි ආදී දෙවිවරුන් අපගේ ජන ආගමට එකතු වී නොමැති
අතර එනම් මෙම දෙවිවරුන්ට ශ්‍රී ලංකාවේ පුද පූජා ලැබුණේ හින්දු රජවරුන්ගේ අනුග්‍රහය
ඇතිවය. ගණ දෙවියන් නුවර යුගයේ සිට අධ්‍යාපනයට අධිපති දෙවියා වශයෙන් සලකනු ලබන අතර
එය හින්දු බලපෑම යටතේ ගොඩනැගුණු විශ්වාසයකි. කාලි දෙවියන් විනාශයේ දෙව්දුව වශයෙන්
සලකයි. නමුත් කාලි දෙවියන් ජන ආගමේ දෙව්දුවක් ලෙස සලකනු ලබන්නේ නැත. විෂ්ණු
දෙවියන් යනු ජන ආගමේ හතරවරන් දෙවිවරුන්ගෙන් එක් අයෙකි. ජනශ්‍රැතියට අනුව විෂ්ණු
යනු ශ්‍රී ලංකාව ආරක්ෂා කරන දෙවියන් වේ. ජන ආගමේ එන ලෙස උපුල්වන් දෙවියන් යනු
ස්වාභාවධර්මයා හා සම්බන්ධ දෙවියකු ලෙස ප්‍රකටය. උපුල්වන් දෙවියන්ද විෂ්ණු
දෙවියන්ගේ කාර්යභාරය සමානව ඉටුකරණු ලබයි. ජනශ්‍රැතියේ එන එවන් අනු අංගයක් ලෙසට
සිංහල ජන කවියද හඳුන්වා දිය හැකිය.
ජනශ්‍රැතිය පිළිබඳව තව දුරටත් කරුණු විමසා බලන්නේ නම් නන්දසේන
රත්නපාල මහතා විසින් 1995 වර්ෂයේදී රචනා කර ඇති ජනශ්‍රැති විද්‍යාව නම් ග්‍රන්ථය
මඟින් පෙන්වාදෙන ආකාරයට ප්‍රාථමික හෝ සංකීර්ණ බවට පත් නූතන හෝ ජන සමූහයක් අතර
කාලයක් තිස්සේ මුඛ පරම්පරාගත සම්ප්‍රදායෙන් ව්‍යාප්ත වූ ඥාණ සම්භාරයක් වන මෙම ජනශ්‍රැතිය
වැදි හෝ ඇස්කිමෝ වැනි ප්‍රාථමික සමාජයක මෙන්ම නූතන කාර්මික සමාජයක ද දැකිය හැකිය.
ජනශ්‍රැතිය පහළ වූයේ හෝ පහළ වන්නේ කෙසේද යන්න පිළිබඳව නිශ්චිත අදහසක් මේ වන තෙක්ම
ප්‍රකාශ කිරීමට ජනශ්‍රැති විද්‍යාඥායින්ට හෝ මානව විද්‍යාඥායින්ට නොහැකි වී තිබීමද
විශේෂ ලක්ෂණයකි.
මුඛ පරම්පරාගතව පැවත එන ජනශ්‍රැතිය ජනතාව, ජන කවිය , ජන විශ්වාස සහ ඇදහිලි, ආචාර විධි, චාරිත්‍ර වාරිත්‍ර, යාතු කර්ම, ප්‍රස්ථාව පිරුළු, තේරවිලි, ජන වෙදකම, ජන බස, ජන ක්‍රීඩා සහ ජන සන්නිවේදනය ආදී වූ විවිධාකාර
අංග තුළ ද ගබඩා වී ඇති අතර ජනශ්‍රැතිය මුඛ පරම්පරාගතව ප්‍රවාහනය කරන්නාවූ මෙවලම
බවට පත්ව ඇත්තේ භාෂාවයි. එහිදී ජනශ්‍රැතියේ බස ඉතා සරල විය යුතුය. නොයෙක් ප්‍රාදේශීය
භාෂාවල බලපෑම ද ජනශ්‍රැතියට ලැබෙන අතර ජනශ්‍රැතියේ බිහි වීමේ මත අතරින් වඩාත්
පිළිගත් මතය වන්නේ එය බිහි වී ඇත්තේ විනෝදාස්වාදය සඳහා වන බවය. ඒ අනුව බලනවිට ජනශ්‍රැතිය
යනු කලාවකි.
-මිහිරාන් සේනානායක -
❤️❤️❤️❤️
ReplyDelete😍❤️
ReplyDelete❤️❤️ keep it up ❤️🌼
ReplyDeleteNice ❤️
ReplyDelete❤️❤️👍👍
ReplyDelete❤️❤️
ReplyDelete❤️❤️
ReplyDelete❤️❤️❤️
ReplyDeleteThanks all❤️
ReplyDelete❤️❤️
ReplyDelete